
"මම තමයි කාලි මෑණියෝ", "මට දේව වරමකින් ලෙඩ හොඳ කරන්න පුළුවන්" වගේ දේවල් කියන, ඔබ අඳුරන කෙනෙක් ඉන්නවාද ? 🤔 එහෙනම් ඉක්මනින්ම ඒ කෙනාව මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරවන්න. එම පුද්ගලයාට තිබෙන්නේ භින්නෝන්මාදය (schizophrenia ) කියන රෝගයේ ලක්ෂණ වෙන්න පුළුවන්. 😕
️⚠️හිතන්න, ඔබ කාමරයක තනියෙන් ඉන්න විට, ඔබට ඇහෙනවා කවුරු හෝ කෙනෙක් ඔබට කතා කරනවා. අමුතුම දේ තමයි, කතා කරන කෙනාව ඔබට පෙනෙන්නේ නැහැ. ඔබට ඇහෙන්නේ ඔබේම සිතුවිලිත් නෙවෙයි. මෙම රෝග ලක්ෂණය third person auditory hallucinations කියා හඳුන්වනවා.
️⚠️ඔබට ඇහෙනවා කෙනෙක් කතා කරන ශබ්දය. නමුත් විශේෂ දේ වෙන්නේ, ඒ කෙනා ඔබ කරන දේවල් විස්තර කරනවා. ඔබට දැනෙන හැඟීම් විස්තර කරනවා. හරියට ඔබේ ජීවිතය රේඩියෝ නිවේදකයෙක් විස්තර කරනවා වගේ. මෙම ලක්ෂණය running commentary auditory hallucinations ලෙස හඳුන්වනවා.
️⚠️ඔබ යම් දෙයක් ගැන හිත හිත ඉන්න විට, ඔබට දැනෙනවා යම් කෙනෙක්, ඔහුගේ සිතුවිලි ඔබේ හිත ඇතුළට ඇතුළු කරනවා වගේ. ඔබට දැනෙනවා ඔබට හිතෙන දේවල් ඔබේම සිතුවිලි නෙවෙයි කියලා.
️⚠️එහෙම නැත්නම් ඔබට දැනෙනවා ඔබ සිතුවිලි, වෙන කෙනෙක් ඉවතට අදින නිසා මැකිලා යනවා වගේ. ඔබේ සිතුවිලි වල හිඩැසක් තියෙනවා වගේ.
️⚠️ඔබට හිතෙනවා ඔබේ සිතුවිලි සද්දෙට කිව්වෙ නැතත් අනිත් හැමෝටම ඇහෙනවා වගේ. ඔබේ සිතුවිලි අනිත් අයට ඇහෙනවා කියලා හිතන එක ඔබට නවත්ත ගන්න බැහැ.
මෙම ලක්ෂණ තුන thought insertion, withdrawal, broadcast ලෙස හඳුන්වනවා.
️⚠️ඒ වගේම schizophrenia රෝගීන්, ව්‍යාජ දේවල් තරයේ විශ්වාස කරගෙන ඉන්නවා. දේව වරමක් තිබෙනවා, සුපිරි බලයක් තිබෙනවා වගේ දේවල්. මෙම තත්ත්වය grandiose delusion ලෙස හඳුන්වනවා.
️⚠️ඔබේ මේසය උඩ තිබෙන පෑනක් වගේ දෙයක් හැරිලා තියෙන දිශාව අනුව ඔබ හිතනවා, පෑන ඒ දිශාවට හැරිලා තියෙනවා කියන්නේ ඔබ මිය යන බවට ඉඟියක් කියලා. මෙය delusional perception ලෙස හඳුන්වනවා.
️⚠️ඔබට හිතෙනවා ඔබේ ඇඟ වෙන කෙනෙක් විසින් පාලනය කරනවා කියලා. ඔබේ ඇඟ චලනය වෙන්නේ ඔබට ඕන විදිහට නෙවෙයි කියලා. මෙය somatic passivity ලෙස හැඳින්වෙනවා. ඉතින්, schizophrenia රෝගයේ ලක්ෂණ ඇතිවෙන්නේ, පුද්ගලයකුගේ සිතුවිලි, හැඟීම් සහ සංවේදන වල ඇතිවන වෙනස්කම් නිසායි.
‼️මොළයේ ව්‍යුහයේ වෙනසක් හෝ මොළයේ රසායනික ද්‍රව්‍ය වල අසමබරතාවයන් වෙන්න පුළුවන්.
‼️ඔබේ පවුලේ කෙනෙකුට රෝග තිබෙනවා නම් ඔබටත් රෝගය වැළඳීමට වැඩි අවදානමක් තිබෙනවා.
‼️කුඩා කාලයේ මානසික පීඩාවලට සහ ලිංගික වධ හිංසා වලට ලක් වුණු අයටත්, මේ රෝගය ඇතිවීමේ අවදානමක් තිබෙනවා.
⚠️Schizophrenia රෝගීන්, මෙම රෝගයට අමතරව, විශාදය ( Depression ) වගේ මානසික රෝග වලට, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, ඒ වගේම පවුල් ප්‍රශ්න ඇතුළු සමාජ ගැටලු වලට ගොදුරු වෙන්න පුළුවන්. ඔවුන් සියදිවි හානිකර ගැනීමේ වැඩි අවදානමකුත් තිබෙනවා.
ඔබට මෙම රෝග ලක්ෂණ තිබෙනවා නම් හෝ, මෙම ලක්ෂණ තිබෙන කෙනෙක්ව දන්නවා නම්, හැකි ඉක්මනින් මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.
ඖෂධ ප්‍රතිකාරවලින් සහ පවුලේ අයගෙන් ලැබෙන සහාය මත, රෝගය ඉතා ඉක්මනින් පාලනය කරගෙන සාමාන්‍ය ජීවන රටාවක් ගත කිරීමට පුළුවන්. මේ විස්තර තවත් කෙනෙකුට වැදගත් වෙයි කියල හිතෙනවා නම් share කරන්න අමතක කරන්න එපා.
තවත් මේ වගේ වෛද්‍ය කරුණු ගැන දැනගන්න කැමති නම්, Medtalks අපිව follow කරන්න. ♥️