Stress වෙන එක පාලනය කරගන්නේ කොහොමද?

MedTalks
March 7, 2026

අද අපි පියවර 5කින් stress එක පාලනය කරන්න ඉගෙන ගමු.

Step 1️

Stress එක පාලනය කරගන්න පළවෙනි පියවර තමයි, ඔයා අඳුරගන්න ඕන ඔයා stress වෙන්නේ කොයි වෙලාවටද කියලා. ඒ වෙලාව අඳුරගන්න නම්, stress වුණාම කෙනෙක්ගෙ ඇඟේ ඇති වෙන වෙනස්කම් ගැන ඔයා දැනගන්න ඕනි. ( symptoms of stress)

Step 2️

මෙහෙම stress වෙන වෙලාවල් අඳුර ගත්තට පස්සේ දෙවැනි පියවර තමයි, ඔයා stress වෙන්න හේතුව හොයාගන්න එක. ගොඩක් වෙලාවට ඔයා stress වෙන වෙලාවට, ඔයා කර කර ඉන්න හෝ ඊළඟට කරන්න තියෙන වැඩේ, එහෙම නැත්නම් ඒ වෙලාවෙ ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නය තමයි stress එකට හේතුව වෙන්නේ.

Step 3️

දැන් අපි stress එකට හේතුව හොයාගත්තා. ඊළඟට මොකක්ද කරන්නේ ?

පළවෙනි දේ තමයි, ඒ හේතුව මොකක්ද කියන එක හරියටම තේරුම් අරගෙන, කොලයක් අරගෙන හේතුව ලියන එක. මෙහෙම ලියන එකෙන් ඔයාට ප්‍රශ්නය හරියටම අඳුරගන්න පුළුවන්.

ඉන් පස්සේ ලොකු ප්‍රශ්නය ඇතුලෙ තියෙන පොඩි පොඩි ප්‍රශ්න ටික ලියන්න.

අපි උදාහරණයක් ගමු. ගොඩක් දෙනෙක් stress වෙන දෙයක්නෙ විභාග කියන්නේ. හිතන්න ඔයාට හෙට තියෙන විභාගයක් නිසා ඔයා stress වෙලා ඉන්නේ කියලා.

එතකොට ඔයා කොලේ ලියන පළවෙනි ලොකු ප්‍රශ්නය තමයි, මං හෙට exam එක ලියන්නේ කොහොමද ?

මේ ලොකු ප්‍රශ්නය ඇතුලෙ තියෙන පොඩි ප්‍රශ්න තමයි,

1. මං හෙට විභාගයට පාඩම් කළා ඇතිද?

2. මං පාඩම් කරපු ටික නැතුව වෙන ඒවා විභාගෙට අහයිද?

3. මට වඩා අනිත් අය ලකුණු ගනීද?

4. මං ෆේල් උනොත් අනිත් අය මට විහිළු කරයිද?

5. මට මීට කලින් පාඩම් කරන්න තිබුණා නේද?

මේ විදිහට ඔයාට stress වෙන්න හේතු වුණු ලොකු ප්‍රශ්නය, ඔයාට පොඩි ප්‍රශ්න ගොඩකට කඩන්න පුළුවන්.

Step 4️

දැන් ඔයාට පුළුවන්, ඒ පොඩි ප්‍රශ්න එකින් එක අරගෙන, එකින් එකට පිළිවෙලකට අවශ්‍ය දේවල් කරලා විසඳුම් හොයාගන්න.

ඔයා ඒ පොඩි ප්‍රශ්න ටික විසඳද්දි, ඉබේටම ඔයාව stress වෙන හේතුව නැති වෙලා ගිහින්.

Step 5️

දැන් ඊළඟට ඔයාගේ හිතට ප්‍රශ්නයක් එන්න ඇති, මේ පොඩි ප්‍රශ්න එකකට හරි උත්තර හොයාගන්න බැරි වුණොත්, මොකද කරන්නේ කියලා ?

එතනදි තමයි, ඔයාට stress එක පාලනය කරන්න අවශ්‍ය වෙන, මෙන්න මේ ගතිගුණ ටික වැදගත් වෙන්නේ.

1) ඔයාට දැන් පාලනය කරන්න බැරි දේවල් ගැන දුක හිතන එක නවත්වන්න

පළවෙනි දේ තමයි, ඔයාට දැන් පාලනය කරන්න බැරි දේවල් ගැන දුක හිතන එක නවත්වන්න. උදාහරණයකට, ඔයාට කලින් දවස්වල විභාගයට පාඩම් කරන්න බැරි උන එක, දැන් ඔයාට වෙනස් කරන්න බැහැනේ. ඒ වගේ දේවල් සම්පූර්ණයෙන් හිතින් අමතක කරන්න.

ඔයාට මේ වෙලාවේ ඉඳන් ඉස්සරහට වෙනස් කරන්න පුළුවන් දේවල් ගැන විතරක් හිතන්න.

2) Goal planning & Time management

ඔයාට කරන්න තියෙන දේ හරියටම තීරණය කළාට පස්සේ ඒකට හොඳ plan එකක් හදාගෙන, හරියට වෙලාව තීරණය කරලා, plan එකේ දේවල් තීරණය කරපු වෙලාවට කරන්න. මේකත් stress එක පාලනය කරන්න ගොඩක් වැදගත්.

3) ඔයාට කරන්න බැරි දේවල් වලට බැහැ කියන්න බය වෙන්න එපා.

හැමෝම කියන හැමදේම කරන්න ගියොත් ඔයා stress වෙන එක අහන්න දෙයක් නෙවෙයි.

ඒ නිසා ඔයාට ප්‍රායෝගිකව කරන්න බැරි දේවල් වලට බැහැ කියන්න පුරුදු වෙන්න.

ඔයා ගොඩක් stress නොවෙන කෙනෙක් වුණත්, ඔයාට ජීවිතේදී එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න, මේ technique එක පාවිච්චි කරන්න පුළුවන්.

crossmenu