Uncategorized

මැලේරියා මාරයා යළිත් හිස ඔසවයිද ? 

This article is for health education purposes only and does not replace professional medical advice, diagnosis, or treatment. If you have a personal health concern, please consult a qualified doctor or healthcare provider.

පිටරටින් එන උණ රෝගීන් නිසා, මැලේරියා මාරයා යළිත් හිස ඔසවයිද ? 

මැලේරියා රෝගය බෝ වෙන්නේ ඇනෝපිලස් (Anophelus) මදුරුවා දෂ්ට කරද්දී අපේ ඇඟට ඇතුළු වෙන Plasmodium පරපෝෂිතයා නිසයි.

ලංකාව ඇතුලේදීම මැලේරියා රෝගය වැලඳුන රෝගීන් (endogenous cases) නැති වුණත්, පිටරට ඉඳලා එන මැලේරියා රෝගීන් නිසා ලංකාවේ ආයෙත් malaria පැතිරීමේ ලොකු අවදානමක් තියෙනවා. හේතුව, මැලේරියා රෝග වාහක ඇනෝපිලස් මදුරුවා තවමත් දිවයින පුරා හැම ප්‍රදේශයකම සිටීමයි.

මේ නිසා මැලේරියාව වැළඳිලා තියෙනවා කියලා තියෙනවා නම්, ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම, පුරවැසියෙක් විදිහට ඔබගේ වගකීමක්. 

ඔබට මැලේරියාව වැළඳිලා කියලා සැක කරන්න ඕන මොන අවස්ථාවලදීද ?

ඔබ මැලේරියාව බහුලව පැතුරුණු රටක ඉඳල මෑතකදී ලංකාවට පැමිණි කෙනෙක් නම්, ඔබට වැළඳෙන උණට හේතුව මැලේරියා වීමට ලොකු ඉඩක් තියෙනවා.

නයිජීරියාව, කොංගෝව, ඝානාව ඇතුළු අප්‍රිකානු කලාපයේ රටවල ආසියානු කලාපයේ සහ ලතින් ඇමරිකානු රටවල් මැදපෙරදිග රටවල් මැලේරියාව බෝ වීමේ අවදානම සහිත රටවල් වෙනවා.

ඒ වගේම ඔබට

  • දවස් දෙකකට හෝ තුනකට සැරයක් වැළඳෙන තද උණක් එක්ක,
  • හිසරදය
  • මස්පිඩු වේදනාව
  • මහන්සි ගතිය

තියෙනවා නම්, ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න.


මැලේරියා රෝගය අපේ රට තුළ වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙන එක නැවත්වීම, අපි හැමෝගෙම යුතුකමක්.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu