නිපා වෛරසය - වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් බෝවන වෛරස රෝගය

MedTalks
March 7, 2026

සතුන්ගෙන් මිනිසුන්ට මූලිකවම බෝවන (zoonotic ), නිපා වෛරසය, මුලින්ම හඳුනා ගෙන ඇත්තේ, මැලේසියාවේ සහ සිංගප්පූරුවේ ඌරු ගොවිපළ වල කටයුතු කරන පිරිසකට, මොලේ උණ රෝග තත්ත්වය ඇතිවී, සියයකට අධික මරණ සංඛ්‍යාවක් සිදු වූ අවස්ථාවේදී යි. 🐖

මෙම වෛරසය ස්වභාවිකවම flying fox නමැති වවුල් විශේෂයේ ඇඟ තුළ ජීවත් වෙනවා. 🦇එම වවුලන්ගෙන් මෙම වෛරසය ඌරන්ගේ ඇඟට ඇතුළු වීමට පුළුවන්.

නිපා වෛරසය බෝ වෙන්නේ කෙසේද ? 🤔

❌ආසාදිත ඌරන්ගේ හෝ වවුලන්ගෙ තරල වලට ( මුත්‍ර, කෙළ, මලපහ ) මිනිසුන් නිරාවරණය වීමෙන්

❌වවුලන්ගේ මුත්‍ර, කෙළ තැවරුණු පලතුරු මිනිසුන් ආහාරයට ගැනීම නිසා

❌පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට දේහ තරල මගින් ( ශ්වසන බිඳිති, මුත්‍ර, ලේ මඟින් )

නිපා වෛරසයේ රෝග ලක්ෂණ මොනවාද ?

ආරම්භක අවස්ථාවේදී,

⭕උණ, හිසරදය, කැස්ස, උගුර රිදීම, හුස්ම ගැනීමේ අපහසුව, වමනය 🤒

රෝගය දරුණු අවස්ථාවේදී,

⭕කරකැවිල්ල, සිහිමද ගතිය, සිහි නැති වීම 😵‍💫

⚠️රෝගීන්ගෙන් 40%-75% අතර ප්‍රමාණයක් මරණයට පත්වීමේ අවදානමක් තිබෙනවා.

⚠️නිපා වෛරස ආසාදිත රෝගීන් සඳහා, ප්‍රතිකාර ක්‍රමයක් හෝ එන්නතක් මෙතෙක් සොයාගෙන නැහැ.

ඒ නිසා, රෝගය වැළඳීම වළක්වා ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා,

✅නිතර සබන් යොදා ජලයෙන් අත සෝදන්න

✅නො සේදූ පළතුරු, සතුන් භාගයට කා දැමූ පළතුරු ආහාරයට නොගන්න.

✅වවුලන් සහ ඌරන් සමීපයට යාමෙන් වළකින්න.

✅ආසාදිත රෝගීන්ගේ දේහ තරල වලට නිරාවරණය වීමෙන් වළකින්න, මුඛ ආවරණ පළඳින්න.

තවත් මේ වගේ වෛද්‍ය කරුණු ගැන දැනගන්න කැමති නම්, Medtalks අපිව follow කරන්න. ♥️

menu