ඔයා කොයිතරම් stress වෙන කෙනෙක්ද ?

MedTalks
March 7, 2026

ඔයා කොයිතරම් stress වෙන කෙනෙක්ද කියලා, ඔයාටම තනියෙන්, විනාඩියෙන් test කරගෙන බලන්න පුළුවන් කියලා දන්නවාද ?

අපි හැමෝම ජීවිතේ එක එක දේවල් නිසා stress වෙනවා. අද අපි බලමු ඔයාගේ stress level එක කොයි වගේද කියලා.

අපි දැන් ඔයාගෙන් ප්‍රශ්න 10ක් අහනවා.

මේ ප්‍රශ්න වලට ඔයාට ලකුණු ලැබෙන්නේ මෙහෙමයි.

💠 ඔයාට හැම වෙලාවකම නැත්නම් ගොඩක් වෙලාවලට අපි අහන දේවල් වෙනවා නම්, ලකුණු 3යි.

💠 හැම වෙලාවෙම නැති වුණත්, සැලකිය යුතු වැඩි වෙලාවක්, ඔයා අපි අහන දේට මුහුණ දෙනවනම් ලකුණු 2යි.

💠 ඔයාට සමහර වෙලාවට යම් දුරකට අපි අහන දේ වෙලා තියෙනවා නම් ලකුණු 1යි.

💠 අපි අහන දේට සාමාන්‍යයෙන් ඔයා කවදාවත් මුහුණ දීලා නැත්නම් ලකුණු 0යි.

අපි දැන් යමු ඔයාගේ stress level එක මනින ප්‍රශ්න 10ට.

මේ එක එක ප්‍රශ්නෙට ඔයාට ලැබෙන ලකුණු ගාන එකතු කරලා, මුළු ලකුණු ගාන කීයද කියලා බලන්න.

1. පළවෙනි ප්‍රශ්නය - ඔයා වැඩක් කරන්න හදද්දි, ඒ වැඩේ පටන් ගන්න අවශ්‍ය පළවෙනි පියවර ගන්න අමාරුයිද?

2. ප්‍රශ්න අංක දෙක - ඔයාගේ ඇඟේ අත්, කකුල්, මූණ වගේ තැන් ගැහෙනවා වෙවුලනවා වගේ දැනිලා තියෙනවාද?

3️. තුන්වෙනි ප්‍රශ්නය - අනිත් අයට ඔයාව විහිළුවක් වෙයි කියලා හිතෙන අවස්ථා ගැන ඔයා වද වෙනවාද?

4️. ඔයා හේතුවක් නැතුව දුක් වෙනවා හරි, depress වෙනවා හරි වගේ දැනෙනවාද?

5️. ඔයා කලින් සතුටු වෙන්න කරපු දේවල් වලින් දැන් සතුටක් නෑ වගේ දැනෙනවාද?

6️. ඔයාගේ පෞද්ගලික හෝ වෘත්තිය දේවල් වලදී ඕනිවට වඩා කලබල වෙලා, overreact කරනවා වගේ දැනෙනවාද?

7️. ඔයා පොඩි දේටත් කේන්ති ගන්නවා, කලබල වෙනවා වගේ දැනෙනවාද?

8️. ඔයාට හොඳට නින්ද යන්නේ නැහැ හරි, ඇඳට ගියාට නිදාගන්න බැරි ගතියක් හරි තියෙනවද?

9️. ඔයාගේ හිත කලබල කරවන, හිතට වද දෙන විදිහේ වැඩ හෝ ක්‍රියාකාරකම් ඔයා කරනවාද?

10. සාමාන්‍යයෙන් වැදගත් නැහැයි කියලා හිතෙන පොඩි දේවල් වලිනුත් ඔයාගේ හිත අවුල් වෙනවාද?

මේ ප්‍රශ්නවලට ඔයාට ලැබුණු ලකුණු වල මුළු එකතුව අනුව, අපි දැන් බලමු ඔයාගේ stress level එක.

🔸 ඔයාට ලකුණු 10ට අඩුයි නම්, ඔයා stress වෙන කෙනෙක් නෙමෙයි.

🔸 ලකුණු 10-20 අතර නම්, ඔයා කලාතුරකින් stress වෙන කෙනෙක්.

🔸 ලකුණු 20-25 අතර නම්, හැම වෙලාවෙම නැතත්, සමහර වෙලාවට ඔයාට stress එක දැනෙනවා.

🔸 ලකුණු 25ට වඩා වැඩියි නම්, ඔයා ඇත්තටම දරුණු විදිහට පොඩි දේකෙනුත් stress වෙන කෙනෙක්.

ඔයා ගොඩක් stress වෙන කෙනෙක් නම්, ඒ නිසා ඔයාට එන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රශ්න ගොඩක් තියෙනවා.

Stress වෙන එකේ හොඳ නරක ගැන, අපි ඊළඟ ලිපියෙන් කතා කරමු.

menu