අපිව ස්ට්‍රෙස් වෙන්නේ ඇයි ?

MedTalks
March 7, 2026

Stress වෙන එක හොඳයි ද? නරකයි ද ?

අපි ජීවිතයේ මොකක් හරි අමාරු අභියෝගයකට මුහුණ දෙද්දී, අපේ ඇඟෙන් දක්වන ප්‍රතිචාරය තමයි stress එක විදියට අපිට දැනෙන්නේ.

ඔයා වැඩක් පටන් ගනිද්දී, ඔයා නොහිතුවත්, යම් පමණකට ඔයාව stress වෙනවා.

ඒ stress එක මැද level එකක තියාගත්තොත්, ඒක ඔයාට

1. ඔයා කරන වැඩේට හොඳින් අවධානය දෙන්න

2. ඒ වැඩේ කරන්න ඔයාව උනන්දු වෙන්න

3. ඔයාගේ performance වැඩි වෙන්න

උදව්වක් වෙන්න පුළුවන්. (positive stress)

නමුත් ඔයාගේ stress level එක ගොඩක් වැඩියි නම්, ඔයා වැඩක් කරන්න හදද්දි එකවර ලොකු stress එකක් ඇවිත් ඒ වැඩේ හරියට කරගන්න බැරි වෙන්න පුළුවන්. (Acute stress)

සමහර අයට, වැඩක් කරන්න යෙදිලා තිබුණත් නැතත්, ගොඩක් කාලයක් තිස්සේ සැරින් සැරේට stress එක දැනෙන්න පුළුවන්. ( chronic acute stress)

මේ විදිහට ගොඩක් වැඩි stress level එකක් නම් ඔයාට තියෙන්නේ, ඒක ඔයාට ගොඩක් නරක විදිහට බලපාන්න පුළුවන්.

ආමාශයේ තුවාල, ගැස්ට්‍රයිටිස්, ඇදුම, හමේ රෝග, හදවත් රෝග, පිළිකා වගේ ගොඩක් ලෙඩ රෝග වලට, stress එක හේතුවක්.

ඒ වගේම stress එක වැඩියි නම්, depression වගේ මානසික රෝග, නින්ද යාමේ අපහසුව, ලිංගික ආශාව අඩුවීම වගේ දේවලුත් ඇතිවෙන්න පුළුවන්.

අපි stress වෙලා නම්, ඒක අපේ ඇඟට දැනෙන්නේ කොහොමද ?

Stress වුණු වෙලාවට,

💠 කලබල ගතියක්, හේතුවක් නැතුව දුක හිතීමක්, depression ගතියක්, overreact කරන ගතියක් අපිට දැනෙන්න පුළුවන්.

💠 ඒ වගේම අවධානය යොමු කරන්න බැරිවීම, තීරණ ගන්න බැරි වීම, අමතක වෙන ගතියක් ඇතිවෙන්න පුළුවන්.

💠 හදවත ගැහෙනවා දැනෙන්න අරගෙන, හුස්ම ගන්න අමාරු වෙලා, වමනෙට එනවා වගේ දැනෙන්න පුළුවන්

💠 නිදාගන්න අමාරු ගතියක්, ගොඩක් තරහ යන එක, නියපොතු හපන එක වගේ දේවල් වෙන්න පුළුවන්.

ඔයාටත් සමහර වෙලාවට මේ දේවල් වෙලා ඇති. ඔයාගේ stress level එක ඔයාම තනියම පරීක්ෂා කර ගන්නේ කොහොමද කියලා අපි කලින් ලිපියෙන් කතා කළා.

ඔයාට මේ තරම් ප්‍රශ්න ඇති කරවන්න පුළුවන් stress එක, පාලනය කරගන්නේ කොහොමද කියලා අපි ඊළඟ ලිපියෙන් කතා කරමු.

menu