Stress වෙන එක වළක්වා ගන්නේ කොහොමද ?

MedTalks
March 7, 2026

Stress වෙන එක වළක්වා ගන්න, අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා

ඔයාව ආශ්‍රය කරන යාළුවෝ, ඔයාගේ ගෙදර වටපිටාව, ඔයා stress වෙනවද නැද්ද කියලා තීරණය කරන්න ගොඩක් බලපානවා.

ඔයා ආශ්‍රය කරන අය හිනාවෙලා, fun එකේ ඉන්න අය නම්, ඒක ඔයාට stress එක අඩුවෙන්න සෑහෙන්න වැදගත්. ඒ නිසා ඒ විදිහේ යාළුකම් ඇති කරගන්න දෙපාරක් හිතන්න එපා.

තනියම ඉන්නෙ නැතුව යාළුවන්ට, ගෙදර අයට හොඳින් කතාබහ කරලා ආශ්‍රය කරන එක, stress එක නවත්වා ගන්න ගොඩක් වැදගත්.

ඒ වගේම හොඳ සමබල කෑම රටාවක් අනුගමනය කරන එක, ව්‍යායාම් කරන එක, විනෝදාංශ කරන එකත්, stress එක පාලනය කරගන්න ගොඩක් උදව් වෙනවා.

දැන් අපි කතා කරමු, stress එක පාලනය කරගන්න පාවිච්චි වෙන breathing exercises දෙකක් ගැන

💠 මේ පළවෙනි exercise එක stimulating breath කියලා හඳුන්වනවා.

මේකෙදි ඔයා කට වහල තියාගෙන, නහයෙන් හුස්ම උඩට පහළට ගන්නවා.

නහයෙන් හුස්ම උඩට ගන්න යන වෙලාව සහ පහළට යවන වෙලාව සමාන වෙන්න ඕනි. ඒ වගේම නහයෙන් හුස්ම උඩ පහළ ගන්න එක වේගයෙන් කරන්න ඕනි.

තත්පරයකදී මෙහෙම හුස්ම උඩ පහළ යවනවාට තුනක් වෙන තරම් වේගයකින් මේක කරන්න ඕනි.

ඔයා පළවෙනි පාරට කරද්දි මේක තත්පර 15කට වඩා කරන්න එපා. තත්පර 15ක් කලාට පස්සේ සාමාන්‍ය විදියට හුස්ම ගන්න.

ඔයාට නැවත මේ exercise එක කරන හැම වාරයකදීම, වෙලාව තත්පර 5 ගාණේ වැඩි කරගෙන, අන්තිමේදි විනාඩියක් exercise එක කරන්න පුළුවන් වෙන විදිහට practice වෙන්න පුළුවන්.

💠 ඊළඟ exercise එක තමයි, 4-7-8 breathing exercise එක.

1️. මුලින්ම ඔයා whoosh සද්දයක් එන විදිහට හුස්ම සම්පූර්ණයෙන් කටින් පිට කරන්න ඕනි.

2️. ඊළඟට කට වහලා තියාගෙන හිතින් 1-4ට ගණන් කරන ගමන් නහයෙන් හුස්ම උඩට ගන්න.

3️. ඉන් පස්සේ 1-7 වෙනකන් හිතින් ගණන් කරන ගමන් හුස්ම අල්ලගෙන ඉන්න.

4️. ඉන් පස්සේ 1-8 වෙනකන් හිතින් ගණන් කරන ගමන්, whoosh සද්දයක් එන විදිහට කටින් හුස්ම පිට කරන්න.

5️. පළවෙනි පාර මෙහෙම කළාට පස්සේ, තවත් තුන් වතාවක් මේ exercise එක කරන්න.

මේ exercise එක ඔයාගේ මනස සැහැල්ලු කරලා, stress එක අඩු කරවන්න උදව් වේවි.

menu